මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 ආසාධනය වූ ගණන 420ක්

අප්‍රේ 25, 2020

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ COVID-19 වෛරසය ආසාධනය වූ රෝගීන් ප්‍රමාණය 420ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ වාර්තා වූ රෝගීන් 52ත් සමගයි. එය මෙතෙක් දිනක දී වාර්තා වූ වැඩිම කොවිඩ්19 රෝගීන් ප්‍රමාණය ලෙස වාර්තා වෙයි. ඊයේ සවස 6 පමණ වන විට වාර්තා වූ 415 වෙනි රෝගියා ගැබිණි මවක් වන අතර ඇය කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කර තිබිණ. පසුව එම ගැබිණි මව බිහිකළ බිළිඳා මියගොස් ඇති බව වාර්තා විය.

    ඊයේ රාත්‍රී කාලයේ හමවූ අනෙක් රෝගීන් 5 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ගොස් සිටි නාවිකයින් 5 දෙනෙකි. ඔවුන් නොච්චියාගම, මැදවච්චිය, සෙවනගල, බේරුවල සහ කළුතර පදිංචිකරුවන්වේ.

    ඒ අනුව මේ වන විට රෝගීන් 109 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව මේ වන විට 304 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.

    එමෙන්ම 183 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.

    Latest News