ඒ අද වාර්තා වූ රෝගීන් 20ත් සමගයි. එම රෝගීන්ගෙන් 7 දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිසෙන් වන අතර එක් අයෙක් කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ අවුරුදු 12 ක පිරිමි දරුවෙකි.
තවත් සිව් දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් වේ. මොණරාගල රෝහලෙන් වාර්තා තවත් එක් රෝගියෙකු ඇතුළුව අද පස්වරු 7 වන විට වාර්තා වන මුළු කොවිඩ් 19 ආසාදිතයින් ගණන 20කි.
එමෙන්ම අද කොවිඩ්19 ආසාදනය වී සුව වූ 9 දෙනෙකු නිවෙස් බලා ගොස් ඇත. ඒ අනුව මේ වන විට රෝගීන් 118 දෙනෙකු රෝගය සුව වී නිවෙස් බලා ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට 315 දෙනෙක් COVID-19 ආසාදිතයන් ලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබති.
එමෙන්ම 247 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින අතර මේ වන විට COVID-19 නිසා මිය ගිය ගණන 07කි.