කොවිඩ්19 ව්‍යාප්තිය වැළැක්වීමට දිවයින පුරා පියවර රැසක් (වීඩියෝ)

අප්‍රේ 25, 2020
  • අලව්ව කිරිවානාපොළ ප්‍රදේශයේ පදිංචි නාවික භටයෙකු කොරෝනා ආසාදිත බවට සැකකර රෝහල් ගතකර තිබේ.

    මේ හේතුවෙන් කිරිවානාපොළ ප්‍රදේශය හුදකලා ප්‍ර දේශයක් ලෙස නම් කෙරිණ. නාවික සෙබළා ඇසුරු කළ පවුල් 7ක් ද නිරෝධායනයට යොමු කර තිබේ.

    මේ අතර, නිවාඩු ලබා සිටි සූරියවැව ප්‍රදේශයේ පදිංචි නාවික භටයින් තිදෙනෙකු අද PCR පරීක්‍ෂණයට යොමු කෙරිණ. ඔවුන්, වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත නාවික භටයින්.

    කොරෝනා ආසාදිතව මාළු වෙළෙඳාමේ යෙදුණු බෝකුන්දර නිවන්තිඩිය ප්‍ර දේශයේ පදිංචි එම පුද්ගලයා ද සුවය ලබා අද තම නිවසට පැමිණියේය. සුව වීමෙන් අනතුරුව, ඔහු තවත් දින 14ක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉන්දික එල්ලාවල මහතා ප්‍රකාශ කළේය. එම ප්‍රදේශය විෂබීජානුහරණයට ද ලක් කෙරිණ.

    අනුරාධපුර මැදවච්චිය පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ නිවාඩු ලබා පැමිණි නාවිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම ප්‍රදේශය ආරක්‍ෂිත කලාපයක් බවට පත් කෙරිණ. මොහු පසුගිය 18 වැනිදා වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කොට නිවාඩු ලබා නිවසට පැමිණ තිබේ. ඔහු පදිංචිව සිටි පිහිඹියගොල්ලෑව හා සංචාරයේ යෙදුණු අඹගහවැව ප්‍ර දේශය දැඩි ආරක්‍ෂිත කලාප ලෙස නම් කර තිබේ. ඔහුගේ නිවස හා අවට නිවෙස් සහ වෙළෙසැල්වල පිරිස් ද ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 25 අප්‍රේල් 2020 20:48

    Latest News