එ.ජා. මහලේකම්ගෙන් නිවේදනයක්

දෙසැ 21, 2018

    ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන අර්බුදය සාමකාමීව හා ව්‍යවස්ථානුකූලව විසඳා ගැනීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් සිය ප්‍රසාදය පළ කරයි.

    ශ්‍රී ලංකාව ගැටලු විසඳා ගත් ආකාරය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පිළිගන්නා බව, ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ඊයේ පැවසීය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ආයතන පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රසාදය පළ කර තිබේ.

    ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්ට හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් දේශපාලන වෙනස්කම් විසඳා ගැනීමට මෙය අවස්ථාවක් කරගත යුතු බව ද එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

    Japan px 900 18 12 21

     

    ජපානය ද නිවේදනයක් නිකුත් කරමින් දේශපාලන අර්බුදය නිමා කිරීම සම්බන්ධයෙන් සියලු පක්‍ෂවලට ප්‍රසාදය පළ කර තිබේ. මෙරට ස්ථාවරත්වය සඳහා ගත් ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙකු ලෙස ජපානය පිළිගන්නා බව එහි දැක්වේ. ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැපවී සිටින බවද ජපානය අවධාරණය කරයි. ශ්‍රී ලංකාවට සාමය, ස්ථාවරත්වය හා සෞභාග්‍යය ළඟා වනු දැකීම ජපානයේ අපේක්‍ෂාවයි.

     

     

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 17:48

    Latest News