කඩහපොල, ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු යුද හමුදා කැබ් රථයක් හා ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.
එහිදී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු බෝයගනේ, පොතුහැර ප්රදේශයේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි. නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.