නෙදර්ලන්තයේ 230ක් රැගත් විශේෂ යානයක් මත්තලට

මැයි 03, 2020

    ගාල්ල වරායේ නවතා ඇති නෞකාවක් සඳහා අවශ්‍ය කාර්යමණ්ඩලය රැගත් බෝයිං 767 - 300ER වර්ගයට අයත් විශේෂ ගුවන් යානයක් අද (03) දින නෙදර්ලන්තයේ සිට පැමිණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත ගොඩබස්වනු ලැබුවා.

    විශේෂ මානුෂිය හේතුන් මත 230 ක නෞකා කාර්ය මණ්ඩලයක් සදහා දිවයිනට පැමිණීම සඳහා අවසර දී ඇත.  ගුවන් යානයේ පැමිණි සියළුම දෙනා ගුවන්තොටු පොල තුළදිම විශේෂ නීරෝධායන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් පසු බස් රථ මගින් ගාල්ල වරාය වෙත රැගෙන යාමට කටයුතු කෙරුණි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ස්ථාපිත කර ඇති රසායනික න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා විකිරණශීලී ප්‍රතිචාර බළගණයේ නිළධාරීන්ගේ අධික්ෂණය යටතේ සියළු නීරෝධායන කටයුතු සිදු කෙරුණි.

    එමෙන්ම අදාළ නෞකාවේ සිටින තවත් 53 දෙනෙකු නැවත නෙදර්ලන්තය දක්වා ගමන් කිරීම සඳහා මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිත බවත් ඔවුන් අද රාත්‍රියේ මෙරටින් පිටවීමට නියමිත බවත් ගුවන්තොටුපොළ නිලධාරීන් කියා සිටී.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 12:24

    Latest News