හැටන් ගින්නෙන් පීඩාවට පත් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත

මැයි 03, 2020

    ගින්නෙන් පිඩාවට පත් වතු කම්කරු පවුල් 14 කට අයත් සමාජිකයන් සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව තාවකාලිකව ආරක්ෂිත ස්ථානයකට යොමු කිරිමට යුධ හමුදා සහ මහජ සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබේ.

    හැටන්, ඇබොස්ලි තේ වතුයායේ වතු නිවාස පේලියක ඊයේ (02) රාත්‍රී හටගත් ගින්නෙන් අවතැන් වූ පවුල් 14 ක සමාජිකයන් 36 දෙනෙක් මීට අයත්.

    අවතැන් වූ පිරිසට පිසූ ආහාර ලබා දීම ඇතුළු පහසුකම් සැලසීමට වතු පාලන අධිකාරිය, අපදා කළමණාකාරණ ඒකකය, වතුකරයේ දේශපාලන අධිකාරිය පියවර ගෙන තිබේ.

    Latest News