එහි ලේකම් එස්.ආර්.ආටිගල මහතා පවසන්නේ ඉන් බිලියන 19ක මුදලක්, විශ්‍රාම වැටුප් සඳහා භාණ්ඩාගාරයෙන් අද නිදහස් කළ බවයි. ඒ යටතේ ආබාධිත, වැඩිහිටි හා වකුගඩු රෝගී දීමනා සඳහා රුපියල් බිලියන 4ක මුදලක්, මේ වන විට සූදානම් කර ඇති අතර ඊට අදාළ නාම ලේඛන, දිස්ත්‍රික් ලේකම්වරුන් මාර්ගයෙන් ලැබුණු වහාම, එම මුදල් ද නිදහස් කිරීමට සූදානම් බවයි, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලබාදෙන දීමනා සඳහා ද මේ වන විට මුදල් සූදානම් කර ඇති බවයි, ඔහු කියා සිටියේ.