මෙම PCR පරීක්ෂණ පිළිබඳවත්, පසුගිය දිනවල සිදු කළ පරීක්ෂණ වල ප්‍රගතිය පිළිබඳවත්, මැද කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික අධිකාරි වත්තගේ මහතා අදහස් පළ කරමින් මේ බව කියා සිටියේය.
ප්‍රජාව අතර රෝගීන් හඳුනා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ අද දවසේ මරදාන ප්‍රදේශය PCR පරීක්ෂණ හා රුධිර පරීක්ෂණ 80 ක් සිදුකෙරිණ.
මරදාන ප්‍රදේශයේ අහබු නියැදියක් ලෙස තෝරාගත් පිරිසක් මෙන්ම වතු ආශ්‍රිත පිරිසක්ද, සෞඛ්‍ය අංශවල අය ද මෙම PCR පරීක්ෂණ සඳහා අද දිනයේ යොමු කර තිබිණ.