සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් අනතුරු ඇඟවීමක්

මැයි 08, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් භාවිතයෙන් පසු ඉවතලන මුහුණු ආවරණ හා අත්වැසුම් මුහුදු වෙරළ තීරයන්ට ගොඩ ගැසීමේ අවදානමක් මතුව ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

    එහි සාමාන්‍යාධිකාරි අචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඒ හේතුවෙන් ජනතාව ඒවා භාවිතයෙන් අනතුරුව වෙන් කර රැගෙන යන ආයතන වලට ලබාදිය යුතු බවයි.

    වෙන් නොකර ඒවා විවිධ ස්ථාන වලට රැගෙන ගොස් දැමීමෙන් සෞඛ්‍ය ගැටලු රැසක් මතුවන බව ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.

    Latest News