සුරා සැල් වසා තැබීමට රජයේ අවදානය

මැයි 09, 2020

    ලබන සඳුදා සිට ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

    මීට පෙරද ඇදිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේ සුරාසැල් විවෘත කෙරුණු අතර ඒවා අසල ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙන් පසුව සුරාසැල් වසා දැමීමට තීරණය කෙරුණා.

    මේ වනවිට රටපුරා ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වේ.‍

    ලබන සඳුදා අලූයම 5 දක්වායි. බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු ප‍්‍රදේශවල ඇදිරි නීතිය ලබන සඳුදා සිට ලිහිල් කරනු ඇති.

    කෙසේවෙතත් ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවද ලබන සඳුදා සිට බස්නාහිර පළාතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමටයි රජයේ අවධානය යොමුව ඇත්තේ.

    ඒ අනුව යළිත් වරක් සුරාසැල් විවෘත කිරීමට අවසර හිමිවන්නේ දැයි බොහෝ පාර්ශව ප‍්‍රශ්න කරනවා.

    ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳ විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

    ඒ, නිරෝධායන රෙගුලාසි ඇතුළත් කරමින්.

    පොදු ප‍්‍රවාහන සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළද සැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබද එහිදී රෙගුලාසි නිකුත් කරනු ඇති.

    ජනජීවිතය යථාතත්ත්වයට පත් කෙරුණද අත්‍යවශ්‍ය සේවා සහ රාජකාරී සඳහා පිටත්ව යන පුද්ගලයින් හැර සෙසු පිරිස් හැකිතාක් නිවෙස්වලින් බැහැරවීම අවම කළ යුතු බව ආරක්‍ෂක අංශ සහ සෞඛ්‍ය අංශ ද අවධාරණය කරනවා.

    පොලිස් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ සෙසු පුද්ගලයින් නිවසින් බැහැර විය යුත්තේ ආහාර හෝ ඖෂධ ලබාගැනීම වැනි අත්‍යවශ්‍ය කටයුත්තකට පමණයි.

    ඒ සඳහා ද අවසර ලැබෙන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පාදක කර ගනිමින් කි‍්‍රයාත්මක ක‍්‍රමවේදයට අනුවයි.

    Latest News