කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 62නෙක්,පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 75 දෙනෙක්, විඩත්තපලෙයි මධ්‍යස්ථානයේ නිරෝධායනය වු පුද්ගලයින් 298 දෙනෙකු සහ අයියකච්චි , දියතලාව , බූස්ස , හොටෙල් ඩොල්ෆින් යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 98 දෙනෙක් සාර්ථකව නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත් කළ බව යුධ හමුදාව පවසයි.
ඔවුන් සියලු දෙනා පිටත් කර හැරිමට පෙර පි.සි.ආර් පරික්ෂණ සදහා යොමුකර තිබේ.
මේ වන විට ත්‍රිවිඩ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 තුළ පුද්ගලයින් 4428 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.