වීසා බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

මැයි 10, 2020

    ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයන් ලබා ගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන්හි වලංගු කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

    ඒ අනුව 2020 මැයි මස 12 වන දින සිට 2020 ජූනි මස 11 වන තෙක් දින 30 කින් වීසාවන්හි වලංගු කාලය දීර්ඝ වනු ඇත.

    නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා මේ බව සඳහන් කරයි.

    ඒ අනුව උපදෙස් කිපියක් අනුව ක්‍රියා කරන ලෙස ද දැනුම් දෙනු ඇත.

    2020 මාර්තු මස 7 වන දින සිට 2020 ජුනි මස 11 වන දින අතර කාලයේ දී කල් ඉකුත් වන සියලුම වීසා දඩ මුදල් අය කිරීමෙන් නිදහස් වේ.

    Latest News