මාතර දී මාධ්‍ය වෙත් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පාසල් විවෘත කරන දිනය ලබන සතියේ තීන්දු කළ හැකි වනු ඇති බවයි.
පුංචි දරුවන් පාසල් ගෙන ඒමට තිරණයක් නොමැති බවත්, පළාත් පාලන ආයතනවල සහයෝගය ලබා ගනිමින්, සියලු පාසල් විෂවීජහරණය කිරීමටද කටයුතු සුදානම් බවත් අමාත්‍යවරයා පැවසීය.
පසුව දින 4ක් පමණ පාසල් වසා තැබිය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළ බවද පැවසු අමාත්‍යවරයා, කාලසටන් වෙනස් කිරීමට සිදුවනු ඇතැයි ද කියා සිටියේය.
දෙවන අදියර ලෙස සාමාන්‍ය පෙළ දරුවන් පාසල් වෙත කැඳවීමට බලාපොරොත්තු වන බවත් පැවසු ඒ අමාත්‍යවරයා, ඉන් අනතුරුව ප්‍රාථමික අංශ කෙරෙහි අවධානය යොමු කරන බවත් පැවසීය.