සෞඛ්‍ය උපදෙස් අනුව ආරම්භ වූ ප්‍රවාහන සේවා

මැයි 11, 2020

    කොළඹ නගරයේ සේවයට දුම්රියෙන් පැමිණිම සඳහා 2,800 දෙනෙකු ඉල්ලුම් කළ ද, ඉන් පැමිණ ඇත්තේ 997 දෙනෙකු පමණක් බව, මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

    දුම්රිය 47ක් ධාවනයට එක්කර තිබුණත්, මගීන් අඩුවීම නිසා කොළඹ දක්වා ධාවනය කෙරුණේ දුම්රිය 10ක් පමණි.

    රාජ්‍ය හා පෞද්ගලික ආයතන විවිධ සීමාවන්ට යටත්ව විවෘත කිරීමට රජය ගත් තීරණය පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රවාහන සේවා ඇරඹීමට අද පියවර ගනු ලැබීය. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ශරීර උෂ්ණත්ව සංවේදී කැමරා පද්ධතියක් ද සවිකර ඇති අතර, පැමිණෙන දුම්රිය හා මගීන් රැඳී සිටින ආසන වරින්වර විෂබීජානුහරණය කිරීමට ද පියවර ගෙන තිබේ.

    බෙලිඅත්ත, මහනුවර, හලාවත, හෝමාගම, මහව, ගම්පහ ඇතුළු ගමනාන්ත 09ක් වෙත අද සවස යළි දුම්රිය පිටත්කර හැරිණ. කොටුව දුම්රිය ස්ථානයේ සෞඛ්‍යාරක්‍ෂිත වැඩපිළිවෙළ අද පස්වරුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ නිරීක්‍ෂණයට ලක්විය.

    දිවයින පුරා ලංගම බස් රථ 5,200ක් ධාවනය සඳහා එක් කිරීමට සැලසුම් කර තිබුණත්, ධාවනය කළේ බස් රථ 3,200ක් පමණි. ඩිපෝ කාර්ය මණ්ඩලවලට සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට ඇතිවූ අපහසුතා ඊට හේතුවයි.

    Latest News