“කොවිඩ්-19“ කිසිදු පුද්ගලයෙකු අද නැහැ; සෞඛ්‍ය අංශ (වීඩියෝ)

මැයි 11, 2020
  • කොවිඩ්-19 රෝගය වැළඳුණු කිසිදු පුද්ගලයෙකු අද මේ වනතෙක් මෙරටින් වාර්තාවී නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    මේ අතර අද පූර්ණ සුවය ලැබූ විසි දෙදෙනෙකු රෝහල්වලින් පිටව ගියේය. ඒ අනුව, රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටින්නේ, 511 දෙනෙකු පමණි.

    කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලබා දිනක් තුළ රෝහල්වලින් පිටව ගිය වැඩිම සංඛ්‍යාව ඊයේ වාර්තා විය. එම සංඛ්‍යාව 61 දෙනෙක්.

    කොවිඩ්-19 රෝගයෙන් සුවය ලබා නිවෙස් බලා පිටව ගොස් ඇති සමස්ත සංඛ්‍යාව 321ක්. රෝගීන් 533 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබයි.

    කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට ඊයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 16ක්. ඔවුන්ගෙන් 13 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර, එක් පුද්ගලයෙකු නාවික හමුදා සාමාජිකයන්ගේ ආශ්‍රිතයෙකු බව වාර්තාවේ. අනෙක් දෙදෙනා වාර්තා වූයේ ඩුබායි සිට පැමිණි නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙන්ගෙන්.

    ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල පුද්ගලයින්ගේ ජෛව පටල සාම්පල පරීක්‍ෂණ සිදුකිරීම අඛණ්ඩව ක්‍රියාත්මකයි. එය කොළඹ නගර සභා බල ප්‍රදේශයේ ක්‍රියාත්මක බව සෞඛ්‍ය අංශ පවසයි. මාලිගාවත්ත ප්‍රදේශයෙන් තෝරා ගනු ලැබූ පුද්ගලයන්ගේ PCR පරීක්‍ෂණ සහ රුධිර පරීක්‍ෂණ අද සිදු කෙරිණ. ප්‍රදේශයේ ගැබිණි මව්වරුන් සහ කොවිඩ්-19 ආසාදිතයින් සමීපව ඇසුරු කළ පුද්ගලයන්ද වේ.

    Last modified on සදුදා, 11 මැයි 2020 20:35

    Latest News