වීඩියෝ සම්මන්ත්‍රණයක් මගින් සිදුකළ අක්තපත්‍ර ප්රදානය ඓතිහාසික අවස්ථාවකි.
අන්තර්ජාල තාක්ෂණය භාවිතයෙන් මෙවන් ගම්භීර උත්සවයක් ශ්‍රී ලංකාවේ පැවති පළමු අවස්ථාව මෙයයි.
COVID - 19 වසංගතය හමුවේ උද්ගතව ඇති අර්බුදය නිමවන තෙක් අක්තපත්‍ර ප්‍රදාන උළෙල කල් දමනවා වෙනුවට කලින් සූදානම් කළ පරිදි පවත්වන ලෙස උපදෙස් දී තිබිණ.
මෙය දැනට උද්ගතව ඇති ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගත වී ඇති නව ක්‍රමවේද වලින් එකකි.
එහි ප්‍රතිඵලයක් ලෙස ලෙස වෛරසය පැතිරීම සාර්ථකව පාලනය කරන අතරතුර සමාජයීය හා ආර්ථික වශයෙන් මෙන්ම දැන් රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.
අද පැවති කෙටි උත්සවයේදී රාජ්‍ය තාන්ත්‍රිකයන් කැමරාව ඉදිරියේ සිය අක්තපත්‍ර භාරදුන් අතර, පසුව ඔවුන්ව පිළිගෙන තිබේ.
අද අක්කපත්‍ර භාරදුන් රාජ්‍යතාන්ත්‍රිකයන් වන්නේ,
- Mr. Sergio Luiz Canaes -
- Mr. Hashem Ashjazadeh
හෂෙමි අෂ්ජාසාදේ මහතා - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති
- Mr. Gopal Baglay
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ සහ විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.ගෝපාල් භාග්ලේ මහතා -ශ්‍රී ලංකාවේ ඉන්දියානු ජනරජයේ මහකොමසාරිස්