උන්වහන්සේගේ සුවදුක් විමසූ ජනාධිපතිතුමා කෙටි පිළිසඳරක නිරත විය. කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමියෝ ප්‍රධාන මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වා කළහ.
සිළුමිණ පුවත්පතේ හිටපු නියෝජ්‍ය කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා විසින් රචිත “කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.
ශ්‍රී ලංකා අමරපුර නිකායාභිවෘද්ධි දායක සභාවේ ලේකම් හිටප අමාත්‍ය ආර්.ඒ.ඩී. සිරිසේන මහතා සංස්කරණය කළ “ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය විහාරස්ථාන නාමාවලිය” ජනාධිපතිතුමාට පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.