ඊට අයත් පාර්ශ්වයන් සමග මෙම 27 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවකින් පසු මෙම මැනුම් කටයුතු සිදුකෙරේ.
පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යා භූමියේ මායිම් සම්බන්ධව මැනුම්පතිනිය සහ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක අතර සාකච්ඡාවක් ඊයේ (20 වැනිදා) පෙරවරුවේදී පැවැත්විණ.
පුරාවිද්‍යා භූමියේ මායිම් සම්බන්ධ තොරතුරු රැසක් මෙහිදී ලබාගත් බවද මැනුම්පතිනිය ප්‍රකාශ කළාය.
විහාර භූමියේ මායිම් සම්බන්ධව විහාරාධිපති හිමියන්, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඇතුළු පාර්ශ්ව කීපයක් සමග ලබන 27 වැනිදා සාකච්ඡාව කරනු ඇති බව පැවසේ.