මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු ඉහත ලිපිනයේ පදිංචිකාරියකි. මිය ගිය තරුණිය ස්වාමිපුරුෂයා සමඟ පදිංචිව ඇති අතර, දෙදෙනා අතර ආරවුල් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී හෙළි වී තිබේ. අවුරුදු 27 ක් වු ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එරාවුර් රෝහලේ තැන්පත් කර තිබේ. එරාවුර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.