සෑම මාධ්‍යයක්ම අපක්ෂපාතීව හා මධ්‍යස්ථව මැතිවරණ කාලසීමාවේ ජනතාවට තොරතුරු සැපයිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
තරඟ කරනු ලබන යම් දේශපාලන පක්ෂයකට, ස්වාධීන කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට අසාධාරණයක් හෝ විශේෂ වාසියක් ඇති නොවන පරිදි මාධ්‍යයේ කාලය ලබා දීම හෝ ප්රවෘත්ති පත්‍රයක ඉඩ වෙන් කරදීම කළ යුතු බව එම නිවේදනයේ දක්වා ඇත.