උන්වහන්සේ ඊයේ (7) මීගමුව ශාන්ත මරියා දෙව් මැදුරේ පැවැති දිව්‍ය පූජාවේදී මෙම ඉල්ලීම කළේය.
තවදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන් මෙසේද පැවැසීය.
‘‘කොරෝනා වසංගතය දැනගත් වහාම කතෝලික දේවස්ථානවල දිව්‍ය පූජාව නතර කොට දෙව්මැදුරු වසා දමා නිරෝධායන වැඩපිළිවෙළට අපි උපරිම සහය දැක්වූවා.
එම නිසා මේ අවස්ථාවේ රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න තිබෙනවා.
අපට විශේෂත්වයක් දක්වන්න කියනවා නොවෙයි.
රටේ තත්ත්වය සාමාන්‍ය අතට පත්ව තිබෙන නිසා කලක් තිස්සේ දේවස්ථානවල දිව්‍ය පූජාවට සහභාගි වීමට බලා සිටි අප ජනතාවට කිසියම් නිශ්චිත කොන්දේසි යටතේ හෝ සීමාසහිත කොටසක් සමග රැස්වී නිරෝධායන නීතිරීතිවලට අනුව දිව්‍ය පූජාව පැවැත්වීමට අවසර ලබාදෙන ලෙසයි ඉල්ලන්නේ.