ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ පෙත්සම 25 සළකා බැලේ

ජූනි 09, 2020

    මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික් කිහිපයකට තම පක්‍ෂය භාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව අපේ ජන බල පක්‍ෂයේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ ගොනු කළ පෙත්සම් ලබන 25 වැනි දින සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

    බුවනෙක අලුවිහාරේ, එල් ටී බී දෙහිදෙණිය, ප්‍රීතිපද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදීයි මීළඟ නඩු විභාගය සදහා දින නියම කෙරුණේ.

    ඇතැම් වග උත්තරකරුවන්ට අදාළ නොතිසි මේ දක්වා භාර දී නැති බව අධිකරණය හමුවේ කරුණු හෙළිවී තිබේ.

    ඒ අනුවයි, අදාළ පෙත්සම් සළකා බැලීම මේ මස 25 වැනි දින සිදු කිරීමට තීරණය කර ඇත.

    Latest News