අගමැති ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගනී (විඩියෝ)

දෙසැ 29, 2018
  • අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගනී.

    උදෑසන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට පැමිණි අග්‍රාමාත්‍යතුමා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව අග්‍රාමාත්‍යතුමා ඓතිහාසික සෝමාවතිය පුදබිමට ද ගොස් ආගමික වතාවත්වල නිරතවිය. එහිදී මහා සංඝරත්නය විෂයෙහි දන් පිළිගන්වනු ලැබුවේ ද අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙනි. වික්‍රමසිංහ මහතා අනතුරුව, සෝමාවති පුදබිමේ විහාරාධිපති පුජ්‍ය පහමුණේ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය. අමාත්‍ය පී හැරිසන් මහතා ඇතුළු ජනතා නියෝජිතයෝ පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 20:23

    Latest News