නිල ඇඳුම් වවුචර් පතෙන් ගසාකෑමක්

දෙසැ 29, 2018

    වවුචර්වලින් පාසල් නිල ඇඳුම් ලබාගැනීමේ ක්‍රියාවලියට මැදිහත්වීමට කිසිඳු නිලධාරියෙකුට හැකියාවක් නොමැති බව, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    එලෙස, මැදිහත්වන්නන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව, අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටී. තිළිණපත්වලින් නිල ඇඳුම් මිල දී ගැනීමේ දී, ඒ සම්බන්ධව නිකුත් කර ඇති චක්‍රලේඛය අනූව කටයුතු කළ යුතුය. එහෙත්, ඇතැම් නිලධාරීන් සහ විදුහල්පතිවරුන් තෝරාගත් වෙළෙඳ ආයතන ප්‍රවර්ධනය කරන බවට සහ දෙමාපියන් වෙත බලපෑම් සිදුකරන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබේ.

    පසුගිය සමයේ නිල ඇඳුම් ලබාගැනීමේ දී සිදුවූ වංචා, දූෂණ වළක්වා ගනිමින්, සෘජුවම පාසල් දරුවන් වෙත ලබාදීමේ අරමුණෙන්, නිල ඇඳුම් වවුචර් ක්‍රමය හඳුන්වා දී ඇති බව, අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කරයි.

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 13:08

    Latest News