අද කොරෝනා ආසාදිතයින් 56ක් සුවය ලබයි

ජූනි 13, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු සුවය ලබයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 1252කි.

    කොරෝනා ආසාදනය වී ඇති රෝගීන් සංඛ්‍යාව 1880 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ ඊයේ පස්වරුවේ ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

    ඔවුන්ගෙන් ‍දෙදෙනකු නාවිකා හමුදා සාමාජිකයින් වන අතර, අනෙක් පුද්ගලයා කටාර් හී සිට පැමිණි අයෙක්.

    මේ වනවිට වෛසරය ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 617 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

    Latest News