දුර ගමන් සේවා බස් රථ පිළිබද විමසිල්ල වැඩිවේ

ජූනි 13, 2020

    කොළඹින් ආරම්භ වන සියලු දුර ගමන් සේවා බස් රථ නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළගාවන්නේ ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.

    බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ඊයේ (12) සිට ආරම්භ කෙරිණ.

    ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් බස් රථ 267 ක් ගමනාන්ත 22ක් වෙත නියමිත වේලාවට පැමිණෙන්නේ දැයි පරීක්ෂා කිරීම කර තිබේ.

    එහිදී බස් රථ 119ක් ප්‍රමාදව ගමනාන්තයට ළඟාවී ඇති අතර, බස් රථ 55 ක් නියමිත වේලාවට පෙර ගමනාන්තයට ළඟාවී ඇති බවට තොරතුරු අනාවරණය වු බව පොලිසිය සඳහන් කළේය.

    Latest News