භාවිතයට නුසුදුසු ලොකු ළූණූ පිටකොටුවෙන් සොයා ගැනේ

ජූනි 13, 2020

    පරිභෝජනයට නුසුදුසු ලොකු ළුෑණු කිලෝග්‍රෑම් 3000ක් පිටකොටුව තොග වෙළඳසැලක තිබී අද පෙරවරුවේ සොයාගෙන තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අලෙවි කිරීම සඳහා ඇසුරුම් කරමින් සිටියදී එම ළුෑණු සොයාගත් බවයි.

    පරිභෝජනයට නුසුදුසු ලොකු ළූණු තොග අලෙවිය සඳහා කොට්ටාව, කිරිබත්ගොඩ ඇතුළු ප්‍රදේශවල වෙළඳසැල් වෙත මුදාහැර ඇතැයි ද ඔහු සඳහන් කළේය.

    වෙළඳසැල් හිමිකරුට එරෙහිව මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිතයි.

    Latest News