රන්වියන්පුර උදා ගම්මානය ජනතා අයිතියට

දෙසැ 29, 2018

    පුත්තලම, කරුවලගස්වැව, පහළ පුලියන්කුලම ප්‍රදේශයේ ඉදි කෙරුණු රන්වියන්පුර උදා ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ.

    සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කළ 144 වැනි ආදර්ශ ගම්මානය මෙයයි. නිවාස 21කින් සමන්විත නව ගම්මානයට රුපියල් දෙකෝටි දහතුන් ලක්‍ෂයක් වැය කර තිබේ. පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් මීට එක්කර ඇත.

    ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍ර දේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ණය පිරිනැමීම, වෘත්තිය උපකරණ කට්ටල ප්‍රදානය නොමිලයේ ඇස් කණ්නාඩි සහ පැල වර්ග බෙදාදීම ද සිදුවිය. මීට සමගාමීව, කලාකරුවන් 5 දෙනෙකුට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක වෛද්‍යාධාර ද පිරිනමනු ලැබීය.

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා..“ජනාධිපතිතුමත්, අග්‍රාමාත්‍යතුමත්, රටේ පොදු ජනතාව බලාපොරොත්තු වන අරමුණ ඉෂ්ට සිද්ධ කරන්න එකතුවෙලා ඉදිරියට ඇවිත් ඉන්නවා. මම අහන්න කැමතියි තමුන්නාන්සේලාගෙන් මේ රටේ ජනාධිපතිතුමාව කවුද ජනාධිපති හැටියට බලයට ගෙනාවේ කියලා. වෙන කවුරුවත් නොවෙයි එතුමට ඒ ශක්තිය ලබාදුන්නේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පොදුජන බලවේගය එකතුවෙලයි. එතුමත් කැපකිරීමක් කෙරුවා. කවුරුත් ඉදිරිපත් නොවන අවස්ථාවක බෙල්ල දීලා එතුමත් පැමිණියා මේ ගමන යන්න යැයි ඔහු කියා සිටියේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News