පැහැරගත් වෑන් රථයේ ලේ පැල්ලමක් ගැන පරික්ෂණයක්

දෙසැ 29, 2018

    කටුගස්තොට නිවසකින් පැහැරගත් බවට සැක කෙරෙන වෑන් රථයක් පාදුක්ක, මාවතගම ප්‍රදේශයේ මාර්ගයක අතහැර දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගැනේ.

    එය කිසියම් අපරාධයක් සිදුකර මාර්ගයේ දමා යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. පාදුක්ක පොලිසියට ඉකුත් 26 වැනි දින ලැබුණු දුරකතන පණිවුඩයකට අනුව, පාදුක්ක මාවතගම හෝටලයක් අසළ මාර්ගයක දමා ගොස් තිබූ කළු පැහැති මෙම වෑන් රථය පොලිස් බාරයට ගනු ලැබීය.

    එය පරීක්‍ෂා කිරීමේදී රථයේ පසුපස ආසනය අසළ ලේ පැල්ලම් කිහිපයක් නිරීක්‍ෂණය වී තිබේ. වාහනයේ අංකය ද ව්‍යාජ එකක් බවට තහවුරු වී ඇත. වෑන් රථයේ ඉදිරිපස අලවා තිබූ ආදායම් බලපත්‍රය පරිගණයකින් සකස් කළ එකකි. පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 18:38

    Latest News