මැතිවරණට විදේශීය නිරීක්ෂකයින් ගෙන්වීමට අවසර ඉල්ලයි

ජූනි 15, 2020

    පාර්ලිමේන්තු මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නිරීක්ෂකයින් යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල අවධානය යොමුව තිබේ.

    පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඒ සඳහා මැතිවරණ කොමිසමෙන් අවසර ඉල්ලා ඇති බවයි.

    අදාළ අවසරය ලැබුණහොත් පමණක් විදේශීය නිරීක්ෂකයින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කර ඇත.

    Latest News