ලබන 21 සූර්යග්‍රහණයක්

ජූනි 15, 2020

    ලබන 21 වැනි දින සූර්යග්‍රහණයක් මෙරටට දිස්වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා.

    නැවතත් මෙරටට සූර්යග්‍රහණයක් දිස්වන්නේ වසර දෙකකට පසුව බවයි ඒ මහතා සඳහන් කළේ.

    දින 30 ක් ඇතුළත චන්ද්‍රග්‍රහණ දෙකක් සහ සූර්යග්‍රහණයක් මෙම කාල වකවානුව තුළ ඇති වීම විශේෂත්වයක්.

    පසුගිය 05 වනදා චන්ද්‍රග්‍රහණයක් ඇති වූ අතර ලබන මස 05 වනදා තවත් චන්ද්‍රග්‍රහණයක් සහ ලබන 21 වනදා සූර්යග්‍රහණයක් ඇති වීමට නියමිතයි.

    පසුගිය වසරේ දෙසැම්බර් මස 26 වැනි දින දිස්වූ සූර්යග්‍රහණයට සමාන වලයාකාර සූර්යග්‍රහණයක් ලබන 21 වැනි දින ඇතිවීමට නියමිතයි.

    එම සූර්යග්‍රහණය පෙරවරු 10.29 සිට පස්වරු 01.19 දක්වා පැය දෙකකුත් විනාඩි 50 ක කාලයක් කොළඹ නගරයට දිස්වනු ඇති.

    පියවි ඇසින් මෙම සූර්යග්‍රහණය බැලීමෙන් වළකින ලෙසයි, මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඉල්ලා සිටින්නේ.

    Latest News