කටාන බස් අනතුරින් අයෙක් මියයයි

දෙසැ 30, 2018

    කටාන, කෝන්ගස් හන්දිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියයයි.

    අද අලුයම සිදුවූ මේ අනතුරින් තවත් පස් දෙනෙක් තුවාල ලැබූහ. බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන, ගසක වැදීමෙන් අනතුර සිදුව තිබේ. රියදුරාට නින්දයාම මීට හේතුවන්නට ඇතැයි පොලිසිය පවසයි. මියගොස් ඇත්තේ, කලුවාරිප්පුව ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකි.

    තුවාලකරුවෝ මීගමුව දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පිරිස කතරගම වන්දනාවේ ගොස් පැමිණෙන අවස්ථාවේ අනතුරට මුහුණ පා තිබේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News