හෙරොයින් 274g ක් ලඟ තබා ගත්තාට, මරණ දඬුවම

ජූනි 18, 2020

    හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 274 ක් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දේවගේ තුසිත චාමර හෙවත් කුඩු තිලාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව යි මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය කළේ.

    2014 වසරේ ජුනි මස 20 වනදා හොරොයින් මත්කුඩු ග්‍රෑම් 274 සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම විත්තිකරු බත්තරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුට ගෙන තිබුණි.

    ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව නඩු පවරන ලදී.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව එල්ල කළ මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවට තීන්දු කළා.

    ඒ අනුව ඔහුට මරණීය දණ්ඩනය නියම කරන බවද විනිසුරුවරයා සඳහන් කළා.

    මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරු වසර හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවී තිබිණි.

    Latest News