වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 විවෘත කෙරේ

ජූනි 19, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් වසා දමා ඇති වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ජූලි මස 6 වනදා සිට අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට තීරණය කර තිබේ.

    පළමු අදියර යටතේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානවල සිසුන් 50ට අඩු සියලු මධ්‍යස්ථාන විවෘත කරන බව නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුව විවෘත කරනු ලැබේ.

    එම මධ්‍යස්ථානවල ආපනශාලා පවත්වාගෙන යන්නේ නම් ඒ සඳහා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් මත ක්‍රියාත්මක කළ යුතු වේ.

    Latest News