තැපැල් කාර්යාල සෙනසුරාදා විවෘත කෙරේ

ජූනි 19, 2020

    තැපැල් කාර්යාල යළි සෙනසුරාදා දිනයන් හි විවෘත කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අද (18) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

    කොවිඩ් වසංගතය හමුවේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුද හමුවේ ඉතා පිරිමැසුම්දායක ලෙස රාජ්‍ය ආයතන පවත්වාගෙන යා යුතු බැවින්, ඒ අනුව සෙනසුරාදා දිනයන්ගේ තැපෑල නැවැත්වීමට තීරණය කර තිබුණි.

    කෙසේ වෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග එකඟතාවයකට පැමිණ ඇති වී තිබෙන මූල්‍ය දුෂ්කරතා හමුවේ කැපකිරීමක් කරමින් වැඩ කිරීමට තැපැල් සේවකයන් ඉදිරිපත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    කොවිඩ් වසංගත සමයේ අවධානමක් දරමින් ඖෂධ ප්‍රවාහනය කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින් විශාල සේවාවක් ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    Latest News