නව අයෝජන සඳහා යුරෝපා සංගමයෙන් යහපත් ප්‍රතිචාර

ජූනි 20, 2020

    ශ්‍රී‍ ලංකාවේ නව ආයෝජන ඇති කිරීමට යුරෝපා සංගමය ධනාත්මක ප‍්‍රතිචාර දක්වා ඇත.

    ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ යුරෝපා සංගමයේ කොළඹ තානාපතිවරුන් සාකච්ඡාවකට එක්වෙමින්.

    කොවිඩ් නයිටීන් අර්බුදයෙන් පසු යළි ආර්ථිකය ගොඩනැංවීම පිළිබදව එහිදී විශේෂ අවධානයක් යොමු විය.

    මහජන සෞඛ්‍ය සේවය විධිමත්ව යොදාගැනීම, ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව රෝගීන් හඳුනාගැනීම සහ නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු කිරීම ශ්‍රී‍්‍ර ලංකාව තුළ වයිරසය සාර්ථකව පාලනය කිරීමට ඉවහල්වූ බවයි ජනාධිපතිතුමා පෙන්වාදුන්නේ.

    රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය යළි ගොඩනැංවීමයි.

    දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළයුතු බවත් දේශීය කර්මාන්ත නඟාසිටුවීම අත්‍යාවශ්‍ය බවත් ජනාධිපතිතුමා පෙන්වාදුන්නේය.

    ශ්‍රී‍ ලංකාවට දැන් අවශ්‍ය වන්නේ නව ආයෝජන බවයි යුරෝපා සංගමය හමුවේ ජනාධිපතිතුමා පැහැදිලි කළේ.

    ඊට ධනාත්මක ප‍්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිතයන් එක් එක් ක්ෂේත‍්‍ර වලින් ශ්‍රී‍්‍ර ලංකාවට සහයවීම පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, තොරතුරු පාදක කරගත් අධ්‍යාපන ක‍්‍රමවේද ඇතුලු ක්ෂේත‍්‍ර පිළිබදවත් විශේෂ අවධානයක් යොමු විය.

    Latest News