අර්ධ සූර්යග‍්‍රහණයක් හෙට (21)

ජූනි 20, 2020

    හෙට (21) අර්ධ සූර්යග‍්‍රහණයක් නිරීක්ෂණය කිරීමට ශ්‍රී‍්‍ර ලාංකිකයන්ට අවස්ථාව හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කරයි.

    ලොව බොහෝ රට වලට මෙය වලයාකාර සූර්යග‍්‍රහණයක් ලෙස දිස්වුව ද ශ්‍රී‍්‍ර ලංකාවට එය අර්ධ සූර්යග‍්‍රහණයක් ලෙස නිරීක්ෂණය වන බවයි, ඔහු සඳහන් කළේ.

    කොළඹ නගරයට පෙරවරු 10.29 සිට සූර්යග‍්‍රහණය ආරම්භ වන බව චන්දන ජයරත්න මහතා ප‍්‍රකාශ කර සිටී.

    Latest News