රනිල් වික්‍රමසිංහ මහතා, හෝමාගම සුගත බිම්බාරාමය, ගොඩගම ඛෙත්තාරාම විහාරය සහ මීගොඩ ශ්‍රී සුමනාරාමය යන විහාරස්ථාවලට ගොස් ආගමික වතාවත්වල නිරත විය. එම විහාරස්ථානවල විහාරාධිපති හිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ සහ බිනර ජයවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.