ඉටුකම COVID-19 අරමුදලේ ශේෂය රු. මි. 1392දක්වා ඉහළට...

ජූනි 23, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID–19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1392 ඉක්මවා තිබේ.

    මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමි රුපියල් 192,516ක්, මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජ්‍ය මැදිරිගිරියේ අස්සජි හිමි රුපියල් 100,000ක්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය 4,484,500ක් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපතිතුමා වෙත භාර දුන්හ. බටුවිට වන සේනාසනාධිපති පුජ්‍ය කඹුරුගමුවේ වජිරසීහ හිමි ඝෘජුව පරිත්‍යාග කළ මුදල රුපියල් 100,000කි.

    උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආබාධ සහිත තැනැත්තන්ගේ ස්වශක්ති සංවිධානය රුපියල් 50,000ක්, උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරී ඒ.ඩබ්.ඒ.කේ. අමුණුගම මහතා රුපියල් 10,000ක්, බෙලරුස්හි ගෝමල් (Gomal) විශ්ව විද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයින් රුපියල් 1,85,000ක්, බුද්ධිනි ජිනදාස මහත්මිය රුපියල් 100,000ක්, විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. ජයතිලක මහතා රුපියල් 40,000ක්, නීතිඥ විනුර ජයවර්ධන මහතා රුපියල් 10,000ක්, රාජ්‍ය නොවන සංවිධන මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් රාජා ගුණරත්න මහතා රුපියල් 88,000ක්, යුද හමුදා විශ්‍රාමික නිලධාරී ඉන්ද්‍රපාල කේ. කපුගේ මහතා රුපියල් 10,000ක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

    දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,392,909,182.76 කි.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

    ඉටුකම කොවිඩ් 19 අරමුදලේ අරමුණු අතර ප්‍රමුඛත්වය හිමිවන්නේ කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ හා ධාරිතා වර්ධන ඇතුළු සෞඛ්‍ය ආරක්ෂණ පහසුකම් සැලසීමයි. ඒ යටතේ PCR පරීක්ෂණ වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200කි. ඉන් රුපියල් මිලියන 06ක මුදලක් නිදහස් කර තිබේ.

    Latest News