අද වැසි තත්වයේ තරමක වැඩිවීමක්

ජූනි 24, 2020

    බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

    ගිගුරුම් සහිත වැසි ඇති වෙන විට තාවකාලික තද සුළං ද ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මගින් සහ තාවකාලික තද සුළං මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News