ඒ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ලකට අදාළවයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ සිතාසියකට අනුව පසුගියදා රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග හා අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් පෙනී සිටිමින් ප්‍රකාශ කළේ, තමන් මෙම සිද්ධියේ වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමට කිසිදු පදනමක් නොමැති බවයි.
අදාළ පැමිණිල්ල විමර්ශනයට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව ද ඔවුන් එහිදී කියා සිටියේය.
එබැවින් ඔවුන් කොමිසමෙන් ඉල්ලා සිටියේ පැමිණිල්ලේ සාක්ෂි පිටපත් තමන් වෙත ලබා දෙන ලෙසයි.
ඒ අනුව වගඋත්තරකරුවන්ට අදාළ සාක්ෂි සටහන් ඇතුළත් පිටත් ලබා දෙන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කොමිසමේ ලේකම්වරියට නියෝග කළේය.
ඔවුන් කිහිපදෙනෙකු මේ වනවිට එම සාක්ෂි පිටපත් කොමිසමෙන් ලබා ගෙන ඇතැයි, එහි නිලධාරියෙකු සඳහන් කළේය.
මීට අමතරව අද දිනයේ අදාළ පැමිණිල්ල කළ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මේ අතර, ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂකවරයෙකු වු තාරක සෙනෙවිරත්න මහතා අද යළිත් ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
ඒ සඳහිරු සැයේ තැන්පත් කර ඇති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අලේප කිරීමට නාවික හමුදාවට රත්‍රං කිලෝ ග්‍රෑම් 8 ක් ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සඳහායි.