පිටකොටුවේදී කප්පම් ගත් අයට වැඩ වරදී

ජූනි 26, 2020

    කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පිටකොටුවේ කප්පම් ලබා ගත් පුද්ගලයින් 05කු අත්අඩංගුවට ගනී.

    ඔවුන් පිටකොටුව මැනින් වෙළෙඳපොළ පිටුපස බැස්ටියන් මාවතේ හා ඕල්කට් මාවත කැලෑපොල අසළ නවතා තිබු එළවළු ලොරි වලින්  කප්පම් ලබා ගෙන ඇත.

    ඊයේ (25) උදෑසන 8.30ට පමණ මෙම වැටලීම සිදුකර තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24, 36, 38, 55, 60 යන වයස්වල පසුවෙන ග්‍රෑස්ඩ්පාස් වැල්ලම්පිටිය හා කහවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් අද (26) දින අලුත්කඩේ අංක 02, මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Latest News