මාධ්‍යවේදී සම්පත් ඝාතනයේ සැකකරු 16තෙක් රිමාන්ඩ්

ජන 02, 2019

    මාධ්‍යවේදී සමිපත් ලක්මාල් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පළමු සැකකරු අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

    දෙවන සැකකරු මේ වනවිට විදේශගතව ඇති බවත් ඔහුව කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීය. ඒ සමඟම වැඩිදුර කරුණු වාර්තාවක් ද ඉදිරිපත් කළේය.විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලාසිටියේ ලඝුනොවන නඩුවක් ගොනුකරන ලෙසයි.ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් C.H.G. ලියනගේ මහතා කරුණු විමසීමෙන් පසු පලමු සැකකරු මෙි මස 16 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කරනු ලැබීය.

    Latest News