එම මධ්‍යස්ථානයේ, රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 338 දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණවලින් පසු මේ බව තහවුරු වී තිබෙනවා. මේ අනුව, කන්දකාඩු පුනරුන්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනා ගැනුණු සමස්ත කොවිඩි 19 රෝගීන් සංඛ්‍යාව 252 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත ගණන 2350 ක් ලෙස වාර්තාවේ. එමෙන්ම මේවන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්19 ආසාදනය වී සුව වූ ගණන 1979ක් වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවිය සඳහන් කරයි.
තවද ආසාදිතයින් 360ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 45 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති. මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 11කි.