අන්තරායකර අපද්‍රව්‍ය නීති විරෝධිව මුහුදට බැහැර කිරීමක් වටළයි (වීඩියෝ)

ජූලි 11, 2020
  • අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවකින් නිපදවන අන්තරායකර අපද්‍රව්‍ය මාදම්පිටිය මලපවාහන පොම්පාගාරය ප්‍රදේශයෙන් නීති විරෝධිව මුහුදට බැහැර කරන අවස්ථාවක් වැටලීමට, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය අද සමත්විය.

    ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව එහි සභාපති දර්ශනී ලහඳුපුර මහත්මිය පැවසුවාය.

    අද උදේ එම අධිකාරියට ලැබුණු තොරතුරක් මත පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය එක්ව වැටලීම සිදු කළේය. අවිස්සාවේල්ල කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවකින් බැහැර කරන මෙම අන්තරායකර අපද්‍රව්‍ය රැගත් බවුසර් රථ 10ක් පමණ මාදම්පිටිය මල පොම්පාගාරය වෙත පැමිණ තිබේ.

    වැටලීම සිදුකරන අවස්ථාවේදී ලොරි රථ 5ක අඩංගු එම අපද්‍රව්‍ය මුහුදට බැහැර කර තිබූ බව, දර්ශනී ලහඳුපුර මහත්මිය පැවසුවාය. අනෙක් බවුසර් රථ 5 වැඩිදුර පරීක්‍ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසියට බාරදීමට පියවර ගෙන තිබිණ. දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය පවසයි.

    Last modified on සෙනසුරාදා, 11 ජූලි 2020 19:45

    Latest News