2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට සිට (වීඩියෝ)

ජූලි 12, 2020
  • 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම හෙට ආරම්භවේ.

    සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව හත් ලක්‍ෂ පන් දහස් පන්සිය පහක්. වැඩිම තැපැල් ඡන්ද සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. එම සංඛ්‍යාව 76,000ක්.

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා පිළිගන්නා වූ හැඳුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද තාවකලික හැඳුනුම්පත වැනි පිළිගන්නා වූ හැඳුනුම්පත් ඒ අතර වේ.

    සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදවලට අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම මුව ආවරණ පැළඳීම, දෑත් විෂබීජානුහරණය, ඡන්දය සලකුණු කිරීම සඳහා නිල් හෝ කළු පැහැති පෑනක් රැගෙන ඒම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

    අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ සභාපතිවරයා.....

    “ඒකේ වෙනසක් නැහැ. වෙනදා තිබ්බ විධියටම මේ ඡන්දෙත් තියනවා. කොයි විධියටවත් බලපාන්නේ නැහැ ඡන්දේ තියෙනවා. ජනතාව ආරක්‍ෂා කරගෙන ඡන්දේ තියෙනවා“ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    මේ අතර, මැතිවරණ කමෙිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් හා පොලිස් නිලධාරීන් සමඟ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේ දී අද සාකච්ජාවක් පැවැත්විය.

    මේ අතර, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    Last modified on ඉරිදා, 12 ජූලි 2020 19:33

    Latest News