මුව ආවරණ පැළඳීමට ජගත් ප්‍රජාව යොමුවේ

ජූලි 12, 2020

    කොරෝනා වසංගතය ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමත් සමඟ මුව ආවරණ පැළඳීමට ජගත් ප්‍රජාව යොමුවිය.

    ඇතැම් අවස්ථාවලදී එය විවාදාත්මක මාතෘකාවක් බවට ද පත්විය. කෙසේ වුවද ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් සඳහන් කළේ, පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳවීම අත්‍යවශ්‍ය වන බවයි. කොරෝනා වසංගතය සම්ප්‍රේෂණය විය හැකි එක් මාර්ගයක් වන්නේ, කෙළ බිඳිති අනෙක් පුද්ගලයාට පතිතමෙන්. එමෙන්ම, මුහුණ නාසය හා ඇස් ඇල්ලීම ද මුව ආවරණ පැළඳීමෙන් අවම වේ. මුව ආවරණයක් නොපැළඳ සිටින අයෙකු වෙත ළං වුවහොත් කොරෝනා වසංගතය සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිශතය 70%ක්.

    මුව ආවරණයක් පැළඳ සිටින කොරෝනා ආසාදිතයෙකු මුව ආවරණයක් නොපැළඳ සිටින පුද්ගලයෙකු අභියසට පැමිණියහොත් වෛරසය සම්ප්‍රේෂණයවීමේ ප්‍රවණතාවය 5%ක්. මුව ආවරණයක් පැළඳ සිටින කොරෝනා ආසාදිතයෙකු මුව ආවරණයක් පැළඳ සිටින පුද්ගලයෙකු වෙත සමීප වුවහොත් කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීමේ ප්‍රතිශතය අවම වේ. ඒ, 1.5%ක ප්‍රතිශතයක් දක්වමින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඊයේ පොදු ස්ථානවලදී මුව ආවරණ පැළඳීමට පියවර ගත්තේය.

    මුව ආවරණ කිසිදු අවස්ථාවක නොපළදන බව සඳහන් කළ අමෙරිකානු ජනාධිපතිවරයාට පවා මුව ආවරණ පැළඳීමට සිදුව තිබෙන්නේ, අමෙරිකාව ප්‍රමුඛ බටහිර හා ලතින් අමෙරිකානු රටවල සීඝ්‍රයෙන් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන්. ඇතැම් රටවල ජනයා කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට විකල්ප මුව ආවරණ ද පළඳින අයුරු අන්තර්ජාලයේ සටහන්ව තිබිණ. මේ පිළිබඳව සමාජ මාධ්‍ය ජාලාවල හා අන්තර්ජාලයේ ද අද විශේෂ අවධානයට ලක්විය. දුප්පත්කම පෙරදැරි කරගත් ජනතාවක් වුවද කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට ගන්නා උත්සාහය ඉන් පිළිබිඹු විය.

    Latest News