අපරාධ 129 කට සම්බන්ධ සැකකරුවන් 80ක් අත්අඩංගුවට

ජූලි 13, 2020

    ඇගිලි සළකුණු මගින් හඳුනාගත් අපරාධ 129 කට සම්බන්ධ සැකකරුවන් 80 දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

    ගත වූ පැය 12 ක් තුළ සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත බවයි, ඒ මහතා පවසන්නේ.

    සුළු අපරාධ සම්බන්ධ සැකකරුවන් තිස් දෙදෙනෙකු හා වරෙන්තුකරුවන් 204 දෙනෙකු ද ඇතුලුව සැකකරුවන් 806 දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඊයේ පෙරවරු හයේ සිට අද අලුයම පහ දක්වා බස්නාහිර පළාත තුළ විශේෂ මෙහෙයුමක් සිදුකෙරිණ.

    එහිදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 136 ක් සිදුකර ඇත. එහිදී සැකකරුවන් 136 දෙනෙකු ද අත්අඩංගුවට ගැණින.

    නීති විරෝධී මත්පැන් වැටලීම් 124 ක් ද ඇතුලුව වැටලීම් 376 ක් සිදුකර සැකකරුවන් 381 දෙනෙකු එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බවයි, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

     

    Latest News