15,000කට අධික ලාංකිකයින් දිවයිනට පැමිණ අවසන්

ජූලි 13, 2020

    කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හී සිරවී සිටි 15,750 ක පමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන විත් අවසන් කර ඇතැයි, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

    ඔහු පැවසුවේ රටවල් 75 ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් ඒ අතර වන බවයි.

    හෙට සිට දින කිහිපයකට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද ඔහු සඳහන් කර සිටී.

    Latest News